අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 145ක් දක්වා ඉහළ දමා ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 125ක් දක්වා වැඩි කර ඇති බවයි.
ධවල මන්දිරය සිදු කර ඇති පැහැදිලි කිරීම අනුව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බදු ප්‍රතිශතයද ඉක්මවා චීන භාණ්ඩ සඳහා පැනවූ තීරුබදු අමෙරිකාව විසින් ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඊට හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ සියයට 125ක තීරු බද්දට අමතරව ඊට පෙර ක්‍රියාත්මක කරන ලද සියයට 20ක තීරුබදුද සමස්ත බදු අනුපාතයට ඇතුළත් වීම බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර අමෙරිකානු කොටස් වෙළඳපොළ ගනුදෙනු ඊයේ දිනයේද පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.