මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානයෙන් තොරව රිය ධාවනය කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධාණයෙන් කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.