Wednesday, April 16, 2025

General line - 0115112241

අධිවේගි මඟේ දින තුනක ආදායම කෝටි 13 පනී

බිමල් ශ්‍යාමන්



සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී සිය වාහනය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 

එමෙන්ම කාලගුණ තත්ත්වය අයහපත් අවස්ථාවලදී ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්   ආර් ඒ ඩී කහටපිටිය මහතා ඉල්ලීමක් ද කළා.


මේ අතර පසුගිය දින තුනක කාලය තුළ අධිවේගී මාර්ගයන්ගෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන තිබෙනවා. 

එම කාලය තුළ වාහන තුන් ලක්ෂ අසූ හත් දහසක් ධාවනය කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර් ඒ ඩී කහටපිටිය මහතා පැවසුවේ.