සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා තවදුරටත් විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
එහිදී හඳුනාගන්නා බීමත් රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
ප්‍රිය සම්භාෂණවලට සහභාගී වන පුද්ගලයන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා.
මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළ යාමට බීමත්ව රිය ධාවනය එක් හේතුවක් බවයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.