සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමේදී විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන ඒමෙන් වළකින ලෙස පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසුවේ කැමරා, වීඩියෝ උපකරණ සහ අනෙකුත් විද්්‍යුත් උපකරණ ශ්‍රී දළදා මාළිගාව වෙත රැගෙන ඒමෙන් වැළකී සිටිය යුතු බවයි.
බස් රථ සහ සැහැල්ලු වාහන නවතා තැබීම සඳහා මහනුවර නගරයේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා දැනුම් දුන්නේ පෞද්ගලික වාහනවලින් නොපැමිණ හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට හැකි නම් එය වඩාත් පහසුවක් වනු ඇති බවයි.
“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක වී අයි පී හෝ වී වී අයි පී යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ කිසිදු පෝලිමක් නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.