Monday, April 21, 2025

General line - 0115112241

හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පනී.

බණ්ඩාරගම- - බිමල් ශ්‍යාමන්



හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව  පොලිසිය පවසනවා 

පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන ආරම්භ කළ බවයි  හිරන පොලිසිය සඳහන් කර සිටියේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ  පානදුර තන්ත්‍රීමුල්ල , කෝන් ගහකොටුව පදිංචිව සිටි  ඩි . ජි . ජනක සේනාරත්න  නැමැති 49 හැවිරිදි තිදරුපියෙක් .
           
එම පුද්ගලයා  හැඳ සිටි ටී ෂර්ටයක්  සහ ඔහුගේ යතුරුපැදිය  පානදුර හිරන පාලම අසල තිබී ඊයේ රාත්‍රී සොයා ගත් බවත් එම ටී ෂර්ටය තම පියාගේ බව පුතුන් දෙදෙනා හඳුනාගත් බවයි හිරන පොලිසිය සඳහන් කළේ.

අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් පුතු පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා ඊයේ පෙරවරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇතිවී අමනාපව  බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගන්නා බව පවසමින් නිවසින් පිටවී තිබෙන බවයි.

සිය මව පියා නිවසින් පැමිණීම වැළැක්වීමට උත්සාහ දරා  ඇතත් පියා නිවසින් පිටවී පැමිණ දහවල් 12 ට පමණක් සිය සහෝදරියට ද දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි ඇය නැවත පියාට ඇමතුමක් ලබා ගනිද්දි දුරකථනය විසන්ධි වී තිබී ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසා සිටියේ.

අතුරුදහන් පුද්ගලයාගේ වැඩිමහල් පුතු කරන ලද පැමිණිල්ලට අනුව ඊයේ 19 රාත්‍රියේම  විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඒ අනුව පාලම ආසන්නයේම පිහිටි  නිවසක සවිකර තිබූ සීසිටීවී කැමරා දර්ශන පරීක්ෂා කරා තිබෙනවා.

එම පරික්ෂා කිරීමේදී අතුරුදන් පුද්ගලයා යතුරුපැදියෙන් පැමිණ එය හිරන පාලම අසල නවතා යකඩ වැටෙන්  පැන පාලම අසලට ගොස් බොල්ගොඩ ගඟ දෙස බලා සිටින අයුරුත්  මඳ වේලාවකදී යකඩ වැට යටින් රිංගා  පාලම යටට යන අයුරු එහි සටහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ 

ඒ සම්බන්ධයෙන් පොලිස් නාවික හමුදා ජීවිත ආරක්ෂක ඒකකයට දැනුම් දී ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු හිරන  පොලිසිය සිදුකරනු ලබනවා.