රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 30ක පාස්කු සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට රුසියාව සහ යුක්‍රේනය එකිනෙකාට චෝදනා එල්ල කරගෙන තිබෙනවා.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු හමුදා 3,000කට ආසන්න වාරයක් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේනය ඩ්‍රෝන යානා සහ ෂෙල් වෙඩි ප්‍රහාර සිය ගණනක් එල්ල කළ බවයි.
එම ප්‍රහාර වළක්වා ගැනීමට පියවර ගත් බවද රුසියාව පවසා තිබෙනවා.
2022 වසරේ පෙබරවාරි මස 24 වනදා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමෙන් පසු ගත වූ වසර තුනක කාලය තුළ ඇති කරගත් මෙම තාවකාලික සටන් විරාමය වැදගත් අවස්ථාවක් බවයි යුධ විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ.
මෙම තාවකාලික සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණේ සාම සාකච්ඡා සඳහා යොමුවන ලෙසට අමෙරිකාව, රුසියාවට සහ යුක්‍රේනයට බලපෑම් කරමින් සිටින පසුබිමක් තුළයි.