Monday, April 21, 2025

General line - 0115112241

රුපියල් 200,000කක් අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට



ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ඒ නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ගෙලිඔය පිහිටි සැකකරුගේ කාති විනිසුරු කාර්යාලයේ දී.


පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොණු කර තිබූ දික්කසාද නඩුවකට අදාළව තීන්දුව ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා තීන්දුව 2025.04.19 වන දින මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේ දී ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් .200,000 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා.

එම අල්ලස ලබා ගැනීමට යාමේදී  අද පෙ.ව.11.00 ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි