Tuesday, April 22, 2025

General line - 0115112241

ඉන්දියාව රටවල් 10 ක් සමග ගුවන් හමුදා අභ්‍යාසයක



ප්‍රමුඛතම බහුජාතික ගුවන් හමුදා අභ්‍යාසයක් වන Desert Flag-10 අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Al Dhafra ගුවන් කඳවුරට ළඟා වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය ගුවන් හමුදාව විසින් MiG-29 සහ Jaguar ගුවන් යානා අභ්‍යාසයට යොදවා තිබේ.

Exercise Desert Flag යනු ඉන්දියානු ගුවන් හමුදාවට අමතරව ඕස්ට්‍රේලියාව, බහරේනය, ප්‍රංශය, ජර්මනිය, කටාර් සෞදි අරාබිය, කොරියානු ජනරජය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල ගුවන් හමුදා භට පිරිස් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව විසින් සත්කාරකත්වය දරන බහුජාතික අභ්‍යාසයකි.

මෙම අභ්‍යාසය අප්‍රේල් 21 සිට මැයි 8 දක්වා පැවැත්වීමට නියමිතයි.

අභ්‍යාසයේ පරමාර්ථය වන්නේ ලෝකයේ වඩාත්ම දක්ෂ ගුවන් හමුදාවන් සමඟ මෙහෙයුම් දැනුම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගනිමින් සංකීර්ණ සහ විවිධ ප්‍රහාරක ක්‍රියාකාරකම් සිදු කිරීමයි.

"එවැනි අභ්‍යාසවලට සහභාගී වීම අන්‍යෝන්‍ය අවබෝධය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි, සහ සහභාගී වන ජාතීන් අතර මිලිටරි සහයෝගීතාව ශක්තිමත් කරයි," යනුවෙන් ඉන්දීය රජය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.