Saturday, April 26, 2025

General line - 0115112241

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහි නඩුවක් කල් යයි

උදය කුමාර



ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අදාළ නඩුව ජූනි මස 30 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ. 

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා. 

ඒ අනුවයි අදාළ නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ. එදින මර්වින් සිල්වා බන්ධනාගාරගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළා.