Friday, May 2, 2025

General line - 0115112241

ආක්‍රමණශීලී ජලජ ජීවීන් රැසක් මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ තිදෙනෙක් අත්අඩංගුවට



ශ්‍රී ලංකාවට බලපාන ආක්‍රමණශීලී ජලජ ජීවීන්  3,500කට වැඩි ප්‍රමාණයක් තායිලන්තයේ සිට මෙරටට ආනයනය කිරීමට උත්සාහ කළ තිදෙනෙක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගෙන තිබුනේ.

සැකකරුන් වන පුද්ගලයින් ගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 31ත් 26ත් වූ පිරිමි අය වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 22ක් වූ කාන්තාවකි. 

ඔවුන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ UL 403 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

සැකකරුවන්ගේ පරික්‍ෂා කළ ගමන් මලු වල සඟවා තිබූ මෙම ජලජ ජීවීන්, ශ්‍රී ලංකාවේ පරිසරයට දැඩි ව්‍යසනයක් වන ආක්‍රමණශීලී ජීවීන් ලෙස වර්ගීකරණය වන අතර, ඒවා ආනයනය කිරීම ව්‍යවස්ථාපිතව තහනම් වනවා.

මෙවැනි ජීවීන් ආදේශික ජල පද්ධති වලට ඇතුළත් වීමෙන්, දේශීය ජෛව විවිධත්වයට හානි වීම, ව්‍යාප්ත රෝග බෝවීම සහ පරිසර සමතුලිතතාවය කඩ වීමක් සිදුවිය හැකි බව විශේෂඥයෝ සඳහන් කරන්න.

මෙම ආක්‍රමණශීලී ජලජ ජීවීන් සහ සැකකරුන් සම්බන්ධව එළැඹෙන ක්‍රියාමාර්ග සඳහා සත්ත්ව වසංගත නියාමන දෙපාර්තමේන්තුව වෙත භාරදීම සහ එම ජීවීන් නැවත ප්‍රතිඅපනයනය කිරීම සඳහා කටයුතු සිදු කරන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටියේ.