Friday, May 2, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ජයග්‍රහණයක් සොයා අද ප්‍රේමදාස පිටියට



ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය අද පැවැත්වෙනවා. 

ඒ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ පළමු තරඟයේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ කඩුලු 09ක පරාජයක් අත්කර ගත්තා.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමද ඔවුන් සහභාගී වූ පළමු තරඟයේදී තියුණු සටනකින් පසු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 15ක පරාජයක් අත්වින්දා. 

ඒ අනුව මෙතෙක් මෙම තරඟාවලියේ ජයග්‍රහණයක් ලබා නොමැති මෙම කණ්ඩායම් දෙකම අද තරඟයට පිවිසෙන්නේ ජයග්‍රහණයක් අපේක්‍ෂාවෙන්. 

උදෑසන 10ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.