Saturday, May 3, 2025

General line - 0115112241

පොහොර හිඟයක් පවතින බවට පළවන වාර්තා අසත්‍යයි - රාජ්‍ය පොහොර සංස්ථාව කියයි



යළ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි රට තුළ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය පවසනවා. 

එම අමාත්‍යංශයේ ලේකම් ඩී පී වික්‍රමසිංහ මහතා පැවසුවේ ගොවිජන මන්දිරයේ පැවති පොහොර මිල සම්බන්ධ විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී මේ බව තහවුරු වූ බවයි. 

එම සාකච්ඡාවට එක්වූ රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා පැවසුවේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ඇතුළු සියලුම පොහොර වර්ග කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාවට ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි. 

ඇතැම් පාර්ශව පොහොර හිඟයක් පවතින බවට සිදු කරන ප්‍රකාශයන්වලට නොරැවටෙන ලෙසත් ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා.


රටතුළ මේ වන විට පවතින පොහොර තොග සම්බන්ධයෙන්ද රාජ්‍ය පොහොර සංස්ථායේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා එහිදී කරුණු දැක්වුවා.