Saturday, May 3, 2025

General line - 0115112241

පැෆ්රල් සංවිධානය අපේක්‍ෂකයින්ගෙන් කළ ඉල්ලීම



අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මැතිවරණ නිහඬ කාලය තුළ ඡන්ද දායකයාට තම කොට්ඨාසයට පත් කර ගන්නා මහජන නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරදෙන ලෙස සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානය පවසනවා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා. 


සිය සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා නිලධාරීන් 3,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා යෙදවීමට සැලසුම් කර ඇති බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මෙහිදී සඳහන් කළා.