වසර හතරකට පසු පළමු වරට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා.
ඒ, ලබන ජුනි මාසයේදීයි.
මෙම තරඟාවලියට ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස යන ආකෘති තුනේම තරඟ ඇතුළත් වීම විශේෂත්වයක්.
ඒ අනුව ජුනි සහ ජූලි මාසයේදී මෙම කණ්ඩායම් දෙකම ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ තුනක් සහ විස්සයි 20 තරඟ තුනක් වෙනුවෙන් තරඟ වදිනු ඇති.
ටෙස්ට් තරඟාවලිය ඇතුළත් වන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහායි.
ටෙස්ට් තරඟ දෙක ජුනි මාසයේදී ගාල්ලේ සහ කොළඹදී පැවැත්වෙනවා.
ඉන්පසුව ජූලි 2, 5 සහ 8 යන දිනවල එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.
පළමු එක්දින තරඟ දෙක කොළඹදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරඟය පල්ලෙකැලේහිදී පැවැත්වීමට නියමිතව ඇත්තේ.
පන්දුවාර විස්සයි 20 තරඟ තුන, ජූලි 10, 13 සහ 16 යන දිනවල පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹදී පැවැත්වීමට නියමිතයි.
බංග්ලාදේශය අවසන් වරට ශ්‍රී ලංකාවේදී තරඟවැදි අවස්ථාවේදී, ඔවුන් ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජයට පත් වුණා.