ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වැලිකඩ පොලීසිය විසින්. මූල්‍ය වංචාවලට අදාළව කොළඹ, තංගල්ල සහ මාතර යන උසාවිවල පෙනී නොසීටීම හේතුවෙන් එම උසාවි මගින් නිකුත් කළ වරෙන්තු 7කට අදාළව ඇය එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.