පසුගිය වසරේ ඉල්ලුම් කළ විදෙස් ගමන් බලපත්‍ර තවමත් ජනතාව වෙත ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
ඊට ප්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂක ආනන්ද විජේපාල මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
පසුගිය වසරේ ඉල්ලුම් කළ ගමන් බලපත්‍ර 43,000ක් ප්‍රමාද වී ඇති බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ඊට ප්‍රතිචාර ලබා දෙමින් මහජන ආරක්ෂක ආනන්ද විජේපාල මහතා පැවසුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම මේ වන විටත් විධිමත් අයුරින් සිදුවන බවයි.