Friday, May 23, 2025

General line - 0115112241

නීනි විරෝධී දුම්වැටි එක් ලක්ෂ හැට අටදහසක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට



නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මන්නාරම, ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. 

එහිදී තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි එක් ලක්ෂ හැට අටදහසක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනො අවුරුදු 26 සහ 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ - 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දියානු ජාතික සැකකරු වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.