Friday, April 26, 2024

General line - 0115112241

තණතිළි ගැන ‘කැන්ගරු‘ දොස්මුර!




විවිධ කරුණු හේතුවෙන් කතාබහට ලක්ව ඇති ශී‍්‍ර ලංකා ඕස්ටේ‍්‍රලියා එක්දින කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පාර්ශවයෙන් චෝදනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඕස්ටේ‍්‍රලියානු නායක ඩේවිඩ් වෝනර් පවසා ඇත්තේ එක්දින තරගාවලිය ජයගත්තද කී‍්‍රඩාංගණ තණතීරු පිළිබද සෑහීමකට පත්විය නොහැකි බවයි. වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත නොහැකි මෙවැනි කී‍්‍රඩාංගණ එක්දින තරග සදහා සුදුසු නොවන බවයි ඩේවිඩ් වෝනර් පවසා ඇත්තේ.

මේ අතර ශී‍්‍ර ලංකාව සමග පැවති සිව්වන එක්දින තරගයේදී පන්දු 19 කින් වේගවත් ලකුණු 55 ක් රැස්කළ ආරොන් ෆින්ච් ද පවසා ඇත්තේ එක්දින තරගාවලියේ කි‍්‍රඩාංගණ පිළිබද තමන් සතුටු නොවන බවයි.