Saturday, April 27, 2024

General line - 0115112241

ඡායාරූපයක් නිසා ෆේස්බුක් කැළඹෙයි – මාක් සකර්බර්ග්ටත් චෝදනාවක්!




1972 වියට්නාම යුද සමයේ ගිනි ගන්නා ගම්මානයකින් පලා යන නිරුවත් ගැහැනු දරුවෙකුගේ ඡායාරූපය ඉවත් කිරීම පිළිබඳ ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා.

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ ලොව පුරා දැඩි කතාබහක් මතු වුණා. මෙම ඡායාරූපය යුද ඉතිහාසයේ දැක්වෙන රූප පෙළකට එක්කර තිබුණේ නෝරවේ ජාතික ලේඛක ටොම් එගිලන්ඞ් විසින්.

පසුව එම ඡායාරූප පෙළ ෆේස් බුක් සමාජ ජාලය විසින් ඉවත් කරනු ලැබුවා. එය ෆේස්බුක් නිර්මාතෘවරයා බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙසටයි චෝදනා එල්ල වී තිබුණේ.

එහෙත් ෆේස්බුක් සමාගම පවසන්නේ ගෝලීය වැදගත්කම සහ බහුතරයකගේ හඬට සවන් දීමක් ලෙස මෙම ඡායාරූපය ඉවත් කළ බවයි.

7657576