Saturday, April 27, 2024

General line - 0115112241

මාතලෙන් තවත් අවි තොගයක් හමුවෙයි (PHOTOS)




මාතලේ ප‍්‍රදේශයෙන් තවත් ගිනිඅවි තොගයක් හමු වී තිබෙනවා. ඒ, මාතලේ දිස්ත‍්‍රික් නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බිම සකස් කිරීමේදී ඉකුත් දා ගිනිඅවි තොගයක් හමුවූ ස්ථානයට ආසන්නයෙන්.

බිම සකස් කිරීම සඳහා බැකෝ යන්ත‍්‍රද යොදා ගැනෙනවා. මුලින් සොයා ගැනුණු ගිනිඅවි තොගයට තනි කාණුවේ ගිනිඅවි 130ක්, කාණු දෙකේ ගිනිඅවි 6ක් සහ රිවෝල්වර 6ක් ඇතුළත්.

සොයා ගැනුණු දෙවන ගිනිඅවි තොගයට තනි කාණුවේ ගිනිඅවි 30ක්, කාණු දෙකේ ගිනිඅවි 6ක්, රිවෝල්වර 2ක්, බඳින තුවක්කු බවට සැක කෙරෙන ගිනිඅවි 8ක් සහ තහඩු කොටස් 40ක් ද අයත් වනවා.

මුලින් හමු වූ ගිනිඅවි පැරණි ඒවා බවටයි විශ්වාස කෙරෙන්නේ. දෙවන ගිනිඅවි තොගය ද ඒ හා සමාන බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.

gini-awi-www-nethnews-lk00001 gini-awi-www-nethnews-lk00002 gini-awi-www-nethnews-lk00003 gini-awi-www-nethnews-lk00004