Friday, April 26, 2024

General line - 0115112241

දැඩි පෑවිල්ලෙන් දිස්ත්‍රික්ක දෙකක් ඉරිතලයි




පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක දෙකට මේ වන විට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුවට බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ වන විට ලොකු කුඩා ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහල බසිමින් ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ජල අක්කර අඩි 5000 කට වැඩි වැලිකන්ද කරපොල විලේ ජලයද සිඳෙමින් පවතින අතර එහි අඩි හයක් පමණ ජලයෙන් පිරී තිබුණු ස්ථානයක් මේ වන විට ඉරි තලා ගොස් ඇති අයුරු දැකගත හැකි බවත් ගම්වාසීන් වැඩි දුරටත් පැවසුවා.

news-pix-polonnaruwa-niyagaya-1 news-pix-polonnaruwa-niyagaya-2 news-pix-polonnaruwa-niyagaya-3 news-pix-polonnaruwa-niyagaya-4 news-pix-polonnaruwa-niyagaya-5 news-pix-polonnaruwa-niyagaya-6 news-pix-polonnaruwa-niyagaya-7