Saturday, April 27, 2024

General line - 0115112241

පැරා ඔලිම්පික් බිමේ අමරා බලාපොරොත්තුවක් දල්වයි (VIDEO)




රියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 400 T 47 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී අද (13) සමත් වුණා.

එ් මූලික වටයේ තරගයේදී 3 වන ස්ථානය දිනා ගනිමින්.

ඇය දැක්වූ දක්ෂතාව විනාඩි 01යි තත්පර 02යි දශම බින්දුවයි හතක්. අමරා ඉන්දුමතී එම ඉසව්වේ දැක්වූ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද එය වනවා.

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේ ඇය සහභාගි වන මීටර් 400 T 47 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

14348772_10210659194542353_1486338614_n 14349002_10210659184902112_1394269925_n