Saturday, April 27, 2024

General line - 0115112241

අමරාගේ ඉරණමට ‘තත්පරය’ හරස් වූ හැටි (VIDEO)




රියෝ පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ කාන්තා මීටර් 400 T 45, 46 සහ 47 කාණ්ඩයේ අවසන් තරගයේ දී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ අමරා ඉන්දුමතී අද (15) අලුයම සමත් වුණා.

ඇය එම ඉසව්වේ පස්වන ස්ථානය දිනාගත් අතර ශ‍්‍රී ලංකාවට එම ඉසව්වේ ලෝකඩ පදක්කම ගිලිහී ගියේ තත්පර 1.12 කිනි.

අමරා ඉන්දුමතී දැක් වූ දක්ෂතාව විනාඩි 1: 01.74 කි. එම ඉසව්වේ රන් පදක්කම චීන ක‍්‍රීඩිකාවක් ද රිදී පදක්කම දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩිකාවක් ද දිනා ගනු ලැබුවා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජපාන ක‍්‍රීඩිකාවක් විසින්.

14349080_10210673940110983_1989403102_n 14360502_10210673942111033_263485376_o