Saturday, April 27, 2024

General line - 0115112241

අනිල් සහ උපුල් රටට පැරා ඔලිම්පික් බලාපොරොත්තුවක් දෙයි




ශ‍්‍රී ලංකාවට තවත් පැරා ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් දල්වාලමින් අනිල් ප‍්‍රසන්න සහ උපුල් ඉන්දික පිරිමි මීටර් 100 T 42 කාණ්ඩයේ අවසන් තරගයට ඊයේ (14) සුදුසුකම් ලබා ගත්තා.

අනිල් ප‍්‍රසන්න ඊට සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ දී තුන්වන ස්ථානය දිනා ගනිමින්. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 12.85 වනවා.

දෙවන මූලික තරගයේ දී සිව්වන ස්ථානය දිනාගත් උපුල් ඉන්දික ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් ඔහු තරගය නිම කළේ තත්පර 12.76ක දක්ෂතාවක් වාර්තා කරමින්. අනිල් ප‍්‍රසන්න සහ උපුල් ඉන්දික සහභාගී වන පිරිමි මීටර් 100 T 42 කාණ්ඩයේ අවසන් තරගය හෙට (16) අලුයම 2.47ට පැවැත්වෙනවා.

820a4568 820a4571 820a4590 820a4607 820a4610 820a4681 820a4698