Saturday, April 27, 2024

General line - 0115112241

පොත් ප්‍රදර්ශණ භූමියට වාර්තාගත තරුණ පිරිසක්!




18වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය අද පෙරවරු 9.00ට ආරම්භ වී මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විවෘතව තැඛෙනවා.

ප්‍රදර්ශනයේ පළමු දිනය වූ ඊයේ දිනයේම අති විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටියා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික ආරියදාස වීරමන් පැවසුවේ පැමිණ සිටි පිරිස අතුරින් බොහෝ පිරිස තරුණ පරපුර වන බවයි.ආරම්භක දිනයේදීම මෙතරම් ජනකායක් සහභාගී වීම සතුටට කරුණක් බවත් ඔහු කියා සිටියා.

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කරන්නේ නෙත් එෆ්.එම්. රේඩියෝවයි. නෙත් එෆ්.එම්. රේඩියෝවේ විශේෂ කුටියක් ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිඛෙනවා. පොත් ප්‍රදර්ශනයට සහභාගි වන ඔබ නෙත් එෆ්.එම්. කුටියට පැමිණියහොත් ත්‍යාග දිනා ගැනීමට ද අවස්ථාවක් උදාකරගත හැකියි.

නෙත් එෆ්.එම්. ශ්‍රාවක ඔබ වෙනුවෙන් තරග රැසක් එහිදී සංවිධාන කර තිඛෙනවා. ඊට අමතරව පාසල් පුස්තකාල සඳහා පොත්පත් එකතු කිරීමේ නෙත් එෆ්.එම්. සමාජ සත්කාරක වැඩසටහනට ද එහිදී ඔබට දායක විය හැකියි.