Saturday, April 27, 2024

General line - 0115112241

නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් දෙදින කඳවුර සාර්ථකව අවසන් (UPDATE)




ගාල්ල හපුගල මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර අද (18) සාර්ථකව අවසන් වුණා.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ ම්මන්ත‍්‍රණය පැවැත්වුණේ ද අද පස්වරුවේයි.

පුහුණු කඳවුරට සහභාගි වූ දරුවන් තිදෙනෙකුගේ උපන්දින යෙදී තිබුණේ ද අද දිනයේයි. ඔවුන්ගේ උපන්දින සැමරීමට ද නෙත් නිවුස් කණ්ඩායම අමතක කළේ නැහැ.

මේ අතර නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ පාසලේ ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරණ සිසුන් වෙනුවෙන් හා පාසලේ ගුරු භවතුන් වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ දේශන හෙට (19) දිනයේදී පැවැත්වෙනවා.

…………………………………………………………….

“මේක දරුවන්ට අනාගතය දෙස බලන්න හොඳ අඩිතාලමක්”

Sep 18, 2016 @ 11:20

ගාල්ල හපුගල මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනේ දෙදින කඳවුර අද (18) පස්වරුවේ අවසන් වනවා.

කඳවුර ආරම්භ කෙරුණේ ඊයේ (17) පෙරවරුවේයි. ඊයේ දිනයේ කටයුතු අවසන් කෙරුණේ රාත‍්‍රී ගිනි මැල සංදර්ශනයකින්.

අද පෙරවරුවේ නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම් අශෝක සිරිවර්ධන ද සහභාගී වුණා.

එහිදී ඔහු නෙත් නිව්ස් වෙත අදහස් දැක්වමින් සඳහන් කළේ දරුවෙකුට සිය අනාගතය හැඩගස්වා ගැනීම සඳහා මෙම වැඩමුළුව මහත් උපකාරී වෙනු ඇති බවයි. දරුවන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද ඔහු එහි දී අදහස් දැක්වූවා.

දෙදින වැඩමුළුවට සහභාගී වූ ගාල්ල හපුගල මහ විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු ද නෙත් නිව්ස් වෙත අදහස් ප‍්‍රකාශ කළා.

(එම අදහස් පහතින් අහන්න)

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ සම්මන්ත‍්‍රණයක් අද පස්වරුවේ ගාල්ල හපුගල මහ විද්‍යාලයේ දී පැවැත්වෙනවා. ඊට ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවෙකුගේ ඕනෑම දෙමව්පියෙකුට සහභාගී විය හැකියි. පස්වරු 2.00 ට එම සම්මන්ත‍්‍රණය ආරම්භ කෙරෙනවා.


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් දෙවන දිනය අද

(Sep 18, 2016 @ 05:20)

ගාල්ල හපුගල මහ විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිව්ස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන පුහුණු වැඩසටහනේ අද (18) දෙවන දිනයයි.

වැඩසටහනේ ඊයේ (17) දිනට නියමිත කටයුතු නිමාවට පත් කෙරුණේ ගිනි මැල සංදර්ශනයෙන්.

(ඒ පිළිබඳ සකස් කෙරුණු වාර්තාවක් පහතින් දැක්වෙයි.)

14389942_10210702912035263_1452720288_n 14397423_10210702911715255_1932141153_n-1 14397423_10210702911715255_1932141153_n 14407614_10210702911555251_919565797_n 14407685_10210702912155266_382121337_n 14409209_10210702912315270_1853715546_n 14409320_10210702911635253_1122036068_n


නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් පළමු දිනය සාර්ථකව

(Sep 17, 2016 @ 19:30)

ගාල්ල හපුගල මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ පළමු දිනය අද (17) සාර්ථකව නිමාවට පත්වුණා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා විශේෂ දේශනයක් මෙවර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට එක්කර තිබෙනවා.

ප‍්‍රදේශයේ ඕනෑම දරුවෙකුගේ දෙමව්පියෙකුට සහභාගි විය හැකි මෙම දේශනය හපුගල මහා විද්‍යාලයේදී හෙට (18) පස්වරු 2.00ට ආරම්භ වනවා.

………………………………………………………………..

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් තවත් අදියරක් අද ගාල්ල හපුගල විද්‍යාලයේදී (PHOTOS)

Sep 17, 2016 @ 06:59

 

නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 9වන අදියර අද පැවැත්වෙනවා.

ඒ, ගාල්ල හපුගල මහා විද්‍යාලයේදීයි. මෙහිදී විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා දේශන, ගුරුවරුන් වෙනුවෙන් දේශන සහ විද්‍යාලයේ තෝරාගත් දරුවන් 108 දෙනෙකු වෙනුවෙන් දෙදින කඳවුරක් ද පැවැත්වෙනවා.

මව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශනයක් පැවැත්වෙනු ඇති. මෙවර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ විශේෂත්වය වන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන්ගේ දෙමව්පියන් සඳහා ද විශේෂ දේශනයක් පැවැත්වීමයි.

එය හෙට පස්වරු 2.00ට හපුගල මහා විද්‍යාලයේදී පැවැත්වෙනවා. ඊට ප්‍රදේශයේ ඕනෑම දරුවෙකුගේ දෙමව්පියෙකුට සහභාගි විය හැකියි.

14407568_10210692997987418_557433602_n

14031133_10210692998987443_1294806084_n

14355917_10210692999827464_1779622856_n

14371867_10210693001827514_347293223_n

14371904_10210693000067470_1426141668_n

14371950_10210692998347427_807368227_n

14384213_10210692997907416_276369879_n

14384241_10210692998307426_2038319570_n

14388965_10210692998467430_1320754247_n

14398083_10210692998867440_378879065_n

you-are-a-leader-1 you-are-a-leader-2 you-are-a-leader-3 you-are-a-leader-4 you-are-a-leader-5 you-are-a-leader-6 you-are-a-leader-7 you-are-a-leader-8 you-are-a-leader-9 you-are-a-leader-10 you-are-a-leader-11