Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි ක්‍රීඩක ශකීබ් අල් හසන් හෙලිකොප්ටර් රථ අනතුරකින් අනූ නවයෙන් දිවි ගලවාගනී!




බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හෙලිකොප්ටර් රථ අනතුරකින් අනූනවයෙන් දිවි ගලවාගත් පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණ කරනවා.

ශකීබ් සහ ඔහුගේ බිරිඳ වෙළඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඩකා අගනුවර සිට කොක්ස් බසාර් නම් නගරයට පැමිණ ඇති අතර ඔවුන් පැමිණ ඇත්තේ මෙම අනතුරට පත්වූ හෙලිකොප්ටර් රථයේයි.

අනතුරුව ඔවුන් කොක්ස් බසාර් නගරෙයේ බස්සවා නැවත ඩකා අගනුවර වෙත පැමිණෙන අවස්ථාවේදී මෙම හෙලිකොප්ටර් රථය අනතුරට ලක්ව තිබෙනවා.

ඉනානි වෙරළ තීරයට ආසන්න ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මෙම අනතුරින් එක් අයෙකු මිය ගොස් හතරදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

‘මා හොඳින් නමුත් මේ අනතුර පිළිබඳ පුවත අසා මා දැඩි කම්පනයට පත්වුණා‘..යැයි ශකීබ් පසුව මාධ්‍යට පවසා තිබුණේය.