Friday, April 26, 2024

General line - 0115112241

මාතර දී ව්‍යාජ කච්චේරියක් වැටලේ




මාතර වල්පොල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී කච්චේරියක් පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනවා.

එහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 25 ක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

නාවික හමුදාපතිවරයා සහ මාතර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙන්ම ප‍්‍රදේශයේ විදුහල්පතිවරුන්, ග‍්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ව්‍යාජ නිල මුද්‍රා ඒ අතරට අයත්.

මාතර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.