Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් කූඩුවේදී වරෙන්තුකරුවෙකු මියයාම නිසා පුස්සැල්ලාව උණුසුම් (PHOTOS)




පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ දී සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප‍්‍රදේශවාසීන් පොලිසිය ඉදිරිපිට අද (18) විරෝධතාවක නිරත වුණා. ඒ, නුවරඑළිය ගම්පොළ ප‍්‍රධාන මාර්ගයද අවහිර කරමින්.

මේ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පසුව එම ස්ථානයට පැමිණි අමාත්‍ය පලනි දිගම්බරන් විරෝධතාවයේ නිරතවූවන් සමග සාකච්ඡා කළා. විරෝධතාවය අවසන් වූයේ ඉන් අනතුරුවයි.

පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන දිවි නසාගත් මෙම පුද්ගලයා නීති විරෝධි රා මැදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක්.

මීට පෙරද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එහි දී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව ප‍්‍රජා සේවයේ යෙදවීමටයි.

කෙසේ වෙතත් එය මගහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබුණා. ඒ අනුව අත්අඩංගුවට ගත් එම සැකකරු පොලිස් සිර මැදිරිය තුළ රඳවා සිටි අවස්ථාවේ ඊයේ (17) රාත‍්‍රියේ සිය කමිසය ආධාරයෙන් ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගැනුණේ.

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002 police-www-nethnews-lk00003 police-www-nethnews-lk00005 police-www-nethnews-lk00007 police-www-nethnews-lk00008 police-www-nethnews-lk00012 police-www-nethnews-lk00013 police-www-nethnews-lk00016 police-www-nethnews-lk00017

police-www-nethnews-lk00006 police-www-nethnews-lk00009 police-www-nethnews-lk00010 police-www-nethnews-lk00011