Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට අභියෝගයක්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු හෝ පසුගිය රාජ්‍ය සමයේදී සොරකම් සිදුකර ඇතැයි ඔප්පු කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට යළි අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ එසේ වුවහොත් ඒකාබද්ධ විපක්ෂය විසුරුවා හැරීමට වුවද සූදානම් බවයි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සොරකම් කරන ලද මුදලක් වේ නම් ඒවා යළි මෙරටට ගෙන ඒමට ඕනෑ තරම් ක‍්‍රම ඇති බවයි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ.

ඔහු මෙම අදහස් පළ කළේ මොනරාගල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.