Saturday, April 27, 2024

General line - 0115112241

කාශ්මීරයේ හමුදා කඳවුරකට ප‍්‍රහාරයක් – 17ක් මරුට




ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේ හමුදා කඳවුරකට අද දරුණු ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රහාරකයින් සිව්දෙනෙකුද මෙහිදී ඝාතනය කර තිබෙනවා. ආයුධ සන්නද්ධව පැමිණි ඔවුන් කඳවුරට කඩාවැදී ප‍්‍රහාරය එල්ල කර තිබුණා.

ගත වූ දශක දෙකක කාලය තුළ කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කර එල්ල වූ දරුණුතම ප‍්‍රහාරය මෙය බවටයි සැලකෙන්නේ.

පසුගිය මාස 2ක ඇතුළත පමණක් කාශ්මීරයේ ඇති වූ බෙදුම්වාදී උද්ඝෝෂණ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 80කට අධිකයි.

502379-army-personnel-in-action-inside-the-army-brigade-in-uri-kashmir-pti kashmir-protest-pti terror-attack-in-uri_4cd3e918-7d7d-11e6-9f8c-92f0a5be7f74 terror-attack-in-uri_52fb0e52-7d7d-11e6-9f8c-92f0a5be7f74 uri-attack-soldiers-ap_650x400_81474198111