Friday, April 26, 2024

General line - 0115112241

ෆොන්සේකාගෙනුත් පොතක්.! කමල්ගෙන් සුබ පැතුම්..!




එල් ටී ටී ඊ ය පරාජය කිරීම සදහා සියලූ සේනාංක මෙහෙයවමින් යුද්ධයට තමන් නායකත්වය දුන් ආකාරය ඉදිරියේදී ග‍්‍රන්ථයක් ලෙස එළිදක්වන බව අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා. ඔහුට අයත් ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් පනස් නව කෝටි විසි නව ලක්‍ෂ විසි පන්දහසක මුදලක් වෙන්කර ගැනීම වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යුද්ධය සම්බන්ධයෙන් කෘතියක් එළිදක්වන්නේ නම් ඊට තමන් සුබ පතන බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඊයේ රාති‍්‍රයේ විකාශය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට වර්තමානයේ අත් වී තිබෙන තත්ත්වය පිළිබද තමන් කණගාටුවට පත්වන බවද මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙහිදී සදහන් කළා.