Saturday, April 27, 2024

General line - 0115112241

හම්බන්තොට තරුණයා ගැන ඥාතීන් මාධ්‍යට දුන් ප්‍රකාශ ගැනත් සොයයි




පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගොස් පසුව සොයා ගැණුනු හම්බන්තොට බඳගිරිය ප‍්‍රදේශයේ තරුණයා අද (21) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, හම්බන්තොට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්නගේ නියෝගයකට අනුවයි. තරුණයාගේ පලායාම පිළිබඳව අසත්‍ය ප‍්‍රචාර ගෙනගිය බවට පසුව අත්අඩංගුවට ගැණුනු ඔහුගේ සහෝදරිය සහ සහෝදරයන් දෙදෙනාද අද දිනයේදී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඒ අනුව මේ මස 30 වැනිදා දක්වා ඔවුන් රක්‍ෂිත බන්ධනාගාරගත කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මීට අදාළව රූපවාහිනි නාලිකාවල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශවලට යොදා ගැණුනු වීඩියෝ පටවල සංස්කරණය නොකළ සංයුක්ත තැටි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

dsc05337 dsc05338 dsc05339 dsc05340 dsc05341