Friday, April 26, 2024

General line - 0115112241

දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි




පසුගිය සැප්තැම්බර් 08 වැනි දින තමාට එරෙහිව ලබා දුන් මරණ දණ්ඩණ නියෝගය ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට මුදා හරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අභියාචන පෙත්සමක් මගින් ඉල්ලා තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී දුමින්ද සිල්වා ඊට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කෙරුණා.

අදාළ පෙත්සම දුමින්ද සිල්වාගේ නීතිඥයන් හරහා අද (22) දිනයේ කොළඹ මහා අධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලයට බාර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට නියමිතයි.