Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රගීත් අතුරුදන් කිරීමේ නඩුවේ 4කට ඇප




ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතකර සිටි යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හතර දෙනෙකුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද(22) ඇප ලබා දුන්නා.

ඔවුන්ට ලක්ෂ 5 බැගින් ඇප නියම කළ බවයි වාර්තා වන්නේ.

ලුතිනන් චමින්ද කුමාර නවරත්න,සැරයන් තරංග ප්‍රසාද් සහ මාණ්ඩලික සැරයන්වරුන් වන කනිෂ්ක ගුණරත්න හා බාලසුබ්‍රමනියම් මෙලෙස ඇප නියමවූ පිරිසයි.

මෙම නඩුවට සම්බන්ධ තවත් සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.