Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාවේ ගිය එජාප මන්ත්‍රීන් ගැන අගමැති වාර්තාවක් කැඳවයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඒ සඳහා අවසර ගත් ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිඛෙනවා.

ඒ, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වෙතයි.

අදාළ සංචාරයට එක් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් අවශ්‍ය බවත් එහි දී එම මන්ත්‍රීවරුන් සිදු කර ඇති රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කරුණු ද මෙම වාර්තාවට ඇතුළත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා සභානායක කාර්යාලය වෙත දන්වා තිඛෙනවා.