Friday, April 26, 2024

General line - 0115112241

වසර ගණනක් ගියා – මෙහෙම දෙයක් දැකලා නෑ




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම සංචාරයේ අවසන් දිනය අදයි.

අද දින ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝ නොවන රෝග සඳහා වූ විශේෂ වැඩසටහනට සම්බන්ධ වී තිබෙනවා.

මෙම සංචාරයෙන් ලබාගත් ප්‍රතිඵල පිලීබඳ පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක්ද පැවැත්වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට ජනපතිතුමා ප්‍රමුඛ අර්ජුන රණතුංග,මහින්ද සමරසිංහ,ෆයිසර් මුස්තාපා,ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමතිවරුන් සහභාගී තිබෙනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය නිසා මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ ලැබී ඇති පිළිගැනීම පිළිබඳ මෙහිදී විශේෂයෙන් සඳහන් වුණා.

මහින්ද සමරසිංහ පවසා සිටියේ තමන් වසර ගණනාවක් එක්සත් ජාතින්ගේ සැසිවාරවලට සහභාගී වී ඇතත් මෙවැනි අවස්ථාවක් දැක නැති බවයි.