Friday, April 26, 2024

General line - 0115112241

නාවික සෙබලෙක් වෙඩි වැදී මරුට




ත‍්‍රීකුණාමළය නාවික හමුදා කඳවුරේ අවි ගබඩාව භාරව රාජකාරියේ යෙදී සිටි නාවික භටයෙකු අද (23) උදෑසන වෙඩි වැදී මියගොස් තිබෙනවා.

අදාළ නාවික භටයා සියදිවි හානිකර ගත්තා ද, නැතහොත් වෙනත් පාර්ශවයක් තැබූ වෙඩි ප‍්‍රහාරයකට ලක් වුණා ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි ත‍්‍රීකුණාමල වරාය පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලියගොල්ල පහළ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි නාවික භටයෙක්.