Friday, April 26, 2024

General line - 0115112241

‘හොරපොල් කල්ලියට හැම පඳුරක් අස්සෙම පේන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ‘




එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් ඉකුත් දා කළ ප්‍රකාශයකින් ශ්‍රී ලංකාවට අපකීර්තියක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කළ චෝදනාවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ලබාදුන්නා.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අදාළ චෝදනාව කළේ ඉකුත් 21 වෙනිදා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

බැන්කි මූන්ගේ සමුගැනීමේදී කතාවේදී ශ්‍රී ලංකාව හා මියන්මාරය නව සංගමයක් පිහිටුවීම කෙරෙහි ගනු ලැබූ උත්සහයට ආශිර්වාද කළ බවත්,මේ පසුපස සිදුවන කුමන්ත්‍රණය හෙලිකල යුතු බවත් ඔහු එහිදී කියා සිටියා

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වූ මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මේ සඳහා පිළිතුරු ලබාදුන්නා. ‍

‘‘මම දැන් ඒකට කියන්නේ හොරපොල් කල්ලිය කියලා.ඒ අයට හැම පඳුරක් අස්සෙම පේනනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ.එක්සත් ජාතීන්ගේ මහලේකම් අවසාන කතාවේ ලංකාව ගැන කියන එක ගැන ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න ඕන.මම පුදුම වෙන්නේ  2001දී  මේ රටට ඇවිල්ලා දේශපාලනයේ රැකවරණය අරගෙන ආගමත් මාරුකරා කියන ඩලස් අලහප්පෙරුමට තාමත් ඉංග්‍රීසි නොතේරෙන එක.ඒ නිසා මං ලංකාවට ආපු ගමන් මේ කතාවේ පරිවර්ථනය එතුමාට යවන්නම් යැයි මංගල සමරවීර අමාත්‍යවරයා පැවසීය.