Saturday, April 27, 2024

General line - 0115112241

රට හමුවේ ඇති අභියෝගයක් ගැන හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක් (VIDEO)




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බුදු දහමට ලබා දී ඇති ස්ථානය වෙනස් කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ යුද ජයග‍්‍රහණයෙන් පසු බිහි කළ ඒකීය ශ‍්‍රී ලංකාවට ද මේ වනවිට තර්ජන එල්ල වෙමින් ඇති බවයි.

උඩුදුම්බර ප‍්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

“අද අපි ඉදිරියේ තියෙනවා ලොකු තර්ජනයක් , අභියෝගයක්. මොකක්ද මේ අභියෝගය ? අද යම් යම් උදවියට ඕන වෙලා තියෙනවා එකපැත්තකින් ව්‍යවස්ථාව වෙනස් කරන්න. ව්‍යවස්ථාව වෙනස් කරලා බුදු දහමට තිබෙන මේ විශේෂ වූ අයිතිය අපෙන් උදුරගන්න. 

අපේ රට අපිට නිදහස් කරගෙන ඒකීය රටක් කරන්න පුළුවන් වුණා. එයට අද තර්ජනයක් ඇති වෙනවද , ව්‍යවස්ථාව තුළින් ඒ ඒකීය කියන වචනය හැලෙන්ඩ හෝ එහෙම නැත්නම් ඒ වචනය වචනයට සීමා වෙච්ච ඊට අමතරව වෙනත් ආකාරයේ පනත් වගන්ති වලින් බලය පැවරීම තුළින් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵලය පිළිබඳව අපේ ජනතාව දැනුවත් විය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ”.

රටේ සිදු වන දෑ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව ද හිටපු ජනාධිපතිවරයා මෙහි දී ප‍්‍රකාශ කළා.

“මේ දෙමළ රාජ්‍ය තුළින් ඉවත් විය යුතු ලැයිස්තුවක් ගැන කතාවෙනවා. වෙන්විය යුතු බලය පිළිබඳ කතාවෙනවා. ඊට ප්‍රධාන ඇමතිවරයා ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රධාන ඇමතිවරයා එහි ඉදිරියෙන් ඉන්නවා. මම දැක්කා ෆේස් බුක් එකේ ඒ පින්තූර ඇවිල්ලා තියෙනවා. නමුත් මේවා පිළිබඳව පුවත් පතක , මාධ්‍යයක යෑම තහනම් වෙලා තියෙනවා. ඒ ගැන කතාකරන්න ගුවන්විදුලිය හෝ රූපවාහිණිය අද නිහඬවෙලා තියෙනවා.

මේවා දැනුවත් විය යුතුයි ජනතාව. ඒ යුගයේ ඒවා විවෘතව තිබුණා අපිට බනින්න හරි අපිට කියන්න හරි රටේ වෙන්නේ මොකක්ද , ලෝකයේ වෙන්නේ මෙකක්ද කියන එක පිළිබඳව දැනුවත් වෙන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය අපෙන් අද උදුරගෙන තිබෙනවා”.

පුජ්‍ය පෝප්පිට්යේ විමලකිත්ති ශ්‍රි සුමන නාහිමියන්ට උඩුදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමද එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ල , ලොහාන් රත්වත්ත හා දිලුම් අමුණුගම යන මන්ත්‍රී වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

01 02 03 04 05 06 07 08 08-01 09 10 11 12 13