Saturday, April 27, 2024

General line - 0115112241

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට ඇමති එස්.බී. ගෙන් ගිනි අවි




සමෘද්ධි බැංකු සඳහා ලබා දී ඇති පහසුකම් ඉදිරියේ දී තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්. බී. දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට ආරක්ෂාව සඳහා ගිනි අවියක් ලබා දීමට ද සැලසුම් කර ඇති බවයි.

මහනුවර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සමෘද්ධි බැංකු බොහෝමයක ගොඩනැගිලි ඉදි කර ඇත්තේ නීති විරෝධීව බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.