Friday, April 26, 2024

General line - 0115112241

“දුම්කොළ සමාගම මගෙන් අවස්ථාවක් ඉල්ලුවා”




දුම්වැටි මිල ඉහළ දැමීමේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දුම්කොළ සමාගම තමන් සමග අවස්ථාවක් ඉල්ලමින් සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්ත පවසනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “දුම්කොළ සමාගම්වලින් සියයට 90 දක්වා බදු වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. එම අමාත්‍ය මණ්ඩල සංදේශයට විවිධ ගැටළු පැන නැගුනා. බලපෑම් එල්ල වුණා. දුම්කොළ සමාගම මගෙත් එක්ක සාකච්ඡා කරන්න අවස්ථා ඉල්ලුවා. නමුත් මම එම අවස්ථා ලබා දුන්නෙ නැහැ. මෙම රජයේ අමාත්‍යධූරය මම හොබවන්නෙ ඉතාම සතුටින්. පසුගිය රජයේ සුළුතරයක් ලෙසයි අපි හිටියේ. තර්ක විතර්ක කරලා වැඩක් නැහැ. ජනතාවට සේවය කරන්න ඕනෙ. මම කිසිවෙකුට බැලමෙහෙවරකම් කරන්න දේශපාලනයට පැමිණියේ නැහැ. ජනතාවට සේවය කිරීමට තමයි දේශපාලනයට පැමිණියේ.”

“දුම්කොළ සමාගම්වලින් සියයට 90 ක් බදු අය කිරීමේ සංදේශය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව කැබිනට් අනු කමිටුවක් පත් කළා. එම අනු කමිටුව විසින් සිගරට්ටුවක මිල රුපියල් 05 කින් වැඩි කිරිමට ද, සියයට 15 ක වැට් බදු අය කිරිමට ද තීන්දු කළා. එම නිසා අපි මෙම සටන ජය ගත්තා.”

“මින් පසු මම කිසිඳු දර්ශණයක් නොමැති සුදු පැහැති සිගරට් පැකට්ටුව හඳුන්වාදීමේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. වසරකට දුම්බීමෙන් පමණක් පුද්ගලයින් 25000 ක් ජීවිතක්ෂයට පත්වෙනවා. අප‍්‍රාණික දුම්පානයෙන් තවත් කොටසක් මියයනවා. ඔවුන්ගෙන් සියයට 42 ක් කුඩා දරුවන් වීම ද විශේෂත්වයක්.” යනුවෙනි.

දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ නැංවීම සහ සියයට 15ක වැට් බදු අය කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරි දෙසතිය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.