Friday, April 26, 2024

General line - 0115112241

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වංචාවක් ගැන හෙළිදරව්වක්




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ දී දූෂණ වංචා හා අක‍්‍රමිකතා රැසක් සිදුව ඇතැයි වාර්තා වනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ වාහන පන්දහස් හාරසිය අනූහතරක් ලියාපදිංචි කිරීමේ දී දූෂණ සහ අක‍්‍රමිකතා සිදුව ඇති බවයි.

මෙම අක‍්‍රමිකතාවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ද ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි රාජ්‍ය ගිණුම් කාරක සභාව සකස් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

අදාළ වාහන 5494 ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් ලබා දෙන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන්ට නියෝග කර තිබෙනවා.

මේ අතර එම දෙපාර්තමේන්තුවේ වාහන 597 ක තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද රාජ්‍ය ගිණුම් කාරක සභාව සිය වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසයි ඔවුන් නියෝග කර තිබෙන්නේ.