Friday, April 26, 2024

General line - 0115112241

කබ්රාල් ගැන විමර්ශනයක් කරන්නැයි අගමැතිගෙන් ඉල්ලයි




හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලන සමයේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙම ඉල්ලීම සිදු කර තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් විසින්. ඊට අදාළ ලිපිය ඊයේ අග‍්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

2006 වසරේ සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළා.

එම කාල සීමාවේ දී සිදු වූ මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතු බවයි ඔවුන් සිය ලිපිය මගින් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් හෝ විමර්ශන සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.