Wednesday, May 8, 2024

General line - 0115112241

ගුවන් තොටුපොල පරිශ‍්‍රයට CIDයත්




ගුවන් තොටුපොල පරිශ‍්‍රයේදී ආගමන හා විගමන නිලධාරීන් සමග ඒකාබද්ධව රාජකාරී කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද අනුයුක්ත කර තිබෙනවා.

අපරාධ සහ මිනි මැරුම් චෝදනා ලැබූවන් රහසිගත ලෙස විදෙස් ගත වීම වළක්වාලීම මෙහි ප‍්‍රධාන අපේක්ෂාවක් බවයි පොලිස් මූලස්ථාන ආරංචි පවසන්නේ.

ගුවන් තොටුපොලේ ආරක්ෂාව දැඩි කිරීමද තවත් අපේක්ෂාවක් වනවා.

විදෙස්ගතව සිට ආපසු පැමිණෙන අපරාධකරුවන් රටට ඇතුළුවීමට නොදි අත්අඩංගුවට ගැනීමද මෙම නව මෙහෙයුමේ අපේක්ෂාවක්.