Saturday, April 27, 2024

General line - 0115112241

‘පන්දහසේ නෝට්ටුව අවලංගු කළ යුතුයි’




ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

මෙම යෝජනාව තමාගේ පුද්ගලික අදහසක් බවත් මුදල් අච්චු ගැසීම තුළින් රටක් දියුණු කළ නොහැකි බවත් සඳහන් කළා. මේ වන විට යුරෝපයේ ආර්ථිකය පහළ බැසීමකට ලක්ව ඇති බවත් එහි වාසිය ලබාගෙන ආසියාව මුදල් ඒකකයක් හඳුන්වා දෙන්නේ නම් ආසියාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් සඳහන් කළා.