Friday, April 26, 2024

General line - 0115112241

මහින්ද තංගල්ල රෝහලට යයි (PHOTOS)




ලෝක ළමා දිනය අදට යෙදී තිඛෙනවා. ඒ හේතුවෙන් විවිද වැඩසටහන්ද දිවයින පුරා සංවිධානය කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (01) දින තංගල්ල මූලික රෝහලේ ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ගොස් තිබෙනවා.

එහිදී ඔහු දරුවන් සමග සුහද පිළිසඳරක නිරතවී තිබෙන අතර එම දරුවන් වෙත තෑගී බෙදා දී තිබෙනවා.

මෙම අවස්ථාවට පලාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් මහතාද සහභාගී වී සිටි බවයි වාර්තාවන්නේ.

මේ අතර ලෝක ළමා දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපතිවරයා නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.

childrens-day-sinhala

mahinda-1 mahinda-2 mahinda-3 mahinda-4 mahinda-5 mahinda-6 mahinda-7 mahinda-8