Saturday, April 27, 2024

General line - 0115112241

විහාර දේවාලගම් පනතේ සංශෝධනයක් ඉවත් කෙරෙන ලකුණු (VIDEO)




විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමේ දී විරෝධතා මතු වන කරුණු වේ නම් ඒවා වෙනස් නොකර සිටින්නැයි මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නා හිමියන් උපදෙස් ලබා දුන්නා. ඒ, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අද (01) පෙරවරුවේ උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීයි.

මහ නා හිමියන් බැහැ දැකීමෙන් පසු විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.

ථේරවාදී කථිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එවැනි විරෝධතා මතුව නොමැති බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

මහනායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුව ඊට අදාළ කටයුතු සිදු කරන බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ප‍්‍රමුඛ කාරක සංඝ සභාව ද මුණ ගැසුනා.

එහෙත් එම සාකච්ඡා මාධ්‍යයට විවෘත වූයේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විහාර හා දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සහ ථේරවාදී කථිකාවත් පනත් කෙටුම්පත එළඹෙන හතර වන දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතයි.

01-10-2016-3-mini-wijedasa-rajapaksa-visit-malvathu-mahanayake-himi-herath-kandy 01-10-2016-7-mini-wijedasa-rajapaksa-visit-malvathu-mahanayake-himi-herath-kandy