Saturday, April 27, 2024

General line - 0115112241

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක්




ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත‍්‍රස්තවාදයට එරෙහි වීමේ නව පනතක් ඉදිරියේ දී ගෙන එන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එරට අග‍්‍රාමාත්‍ය ජෝන් කී සමග එක්ව පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ දී ශ‍්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක‍්‍රියාත්මක වන මිශ‍්‍ර අනුපාත ක‍්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.